අපි ඔබවෙත ගෙනෙන මේ රූපරාමු වලින් පෙනෙන්නේ අඩි 10ක් පමණ විශාල පිඹුරෙක් කිඹුලෙක් සමඟ මරණය දක්වා සටන් කරන දුර්ලභ අවස්ථාවක්. ඕස්ටේලියාවේ සිද්ධ වුන මේ සිදුවීම සියසින් දැකගැනීමට හැකි වුනු පිරිස අතර සිටි පුද්ගලයකුගේ කැමරා කාචයේ මේ සියල්ල සටහන් වී තිබුණා. සටනින් ජය ලද පිඹුරා තම ගොදුර දියෙන් ගොඩට ගෙනවිත් ගිලදමන ආකාරය රූපරාමු වල සටහන් වී තිබෙනවා. මේ දැවැන්ත කිඹුලාව ගිල දමන ආකාරය දුටුවිට බොහෝ දෙනෙකුට නෙත් අදහාගැනීමට නොහැකිවිය. එය ඔබටත් එසේමයි අපි සිතමු. ක්වීන්ස්ලන්ඩ් හි Moondarra විල අසල මේ සිද්ධිය සිදු වුණා.
පැය පහක පමණ කාලයක් මේ සටන පැවති අතර අවසානයේ කිඹුලාට ජිවිතයෙන් සමුගැනීමට සිද්ධ වුණා. නමුත් පුදුමයට කරුණ වන්නේ මෙතරම් වෙහෙසකර සටනකින් ලැබුණු ගොදුර ගිල දැමීම සඳහා පිඹුරාට ගතවුණේ විනාඩි 15ක් වැනි කෙටි කාලයක් වීමයි. සාමාන්‍යයෙන් සර්පයන් තම ගොදුර ගිල දැමීම සිදු කරන අතර බොහෝ විට ප්‍රතිවාදියා අඩපන කර දැම්මේ රුධිරයේ ඔක්සිජන් සැපයුම හෝ රුධිර සැපයුම අඩාල කරමිනි. මේ විශාල සත්වයා ජීරණය වීම සඳහා දින ගණනාවක් ගතවනු ඇත.
ආරංචි වන අන්දමට මේ ත්‍රාසජනක මොහොත නැරඹීම සඳහා විශාල පිරිසක් එක වී ඇති බවත් දැනගන්න ලැබෙනවා.
සිරා
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »